counter stats
http://talkstime.com/

ජාතික සංහිදියාවට තිත තබන “ඉස්ලාම් මද්රසා” ලංකාවේ මද්රසා වල අයි එස් ත්‍රස්තවාදීන්ට පුහුණුව

By - Thilina_admin
2017-10-23 14:50:15

මෙරට තුළ බරපතල ලෙස ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාකාරකම් ඉස්මතු වෙමින් පවතින බවත්, මැදපෙරදිග රටවලින් සංක්‍රමණය වූ පූජකයන් මෙරට “අරාබි පාසල් නමින් ස්ථාපිත කර ඇති අධ්‍යාපන ආයතනවල සහ මද්රසා පාසල්වල අන්තවාදී ආගමික ඉගැන්වීම් සිදු කරන බවටත්, ඒ හරහා සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය අන්තවාදයට ඇද දමමින් සිටින බවත්, ජාතික සංවිධාන සහ විවිධ පාර්ශව වලින් පසුගිය කාලය පුරා කතා බහට ලක්කළ අතර, “ජාතිවාදී ප්‍රකාශ“ යැයි හදුන්වමින් පක්ෂ විපක්ෂ දේශපාලකයන් සහ වගකිවයුතු පාර්ශව වලින් එම මත බැහැර කෙරුණා.

ලංකාවේ “මද්රසා“ වල අයි එස් ත්‍රස්තවාදීන්ට පුහුණුව !

එසේ වුවද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඉස්ලාමීය මූලධර්මවාදය සහ අයිසීස් ත්‍රස්ත සබදතා පිලිබදව වැදගත් තොරතුරු කිහිපයක් ඉන්දීය බුද්ධි අංශ උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍යද වාර්තා කරතිබුණු අතර ඉන් හෙළිදරව් කර තිබුනේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන “මද්රසා“ නම් ඉස්ලාමීය ඉගැන්වීම් සිදුකරන පාසල් හරහා ඉන්දීය ජාතිකයන් කිහිප දෙනෙකුද අයිසීස් ත්‍රස්තයන් සමග සම්බන්ධ වී ඇති බවයි. මද්රසා පාසල්වල සිදුකෙරෙන ඉගැන්වීම හරහා සාමාන්‍ය මුස්ලිම් සමාජය අතර මූලර්මවාදී අන්තගාමී අදහස් ප්‍රවර්ධනය කරමින් සිටින බවද එම මාධ්‍ය වාර්තා හෙළිකර තිබිණි.

http://talkstime.com/