counter stats
http://talkstime.com/

ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා මහින්ද රාජපක්ෂ

By - sanjaya_admin
2017-10-27 22:10:02

ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියානු සංචාරයක් සදහා කටුනායක ජත්‍යන්තර ගුවන් තොටුපලින් ඉන්දියාව බලා පිටත්විය.

ඒ මහතා ඉන්දියාව බලා පිටත්වුයේ 28 සහ 29 දින වල මහාරාස්ත්‍ර ප්‍රාන්තයේ අරන්ගබඩ් ඓතිහාසික නගරයේ දෙවන වරට පවත්වන සමාජීය සහ සංස්කෘතික සම්බන්ධතා පිළිබද ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහාභාගී වීමටය.

මෙම සම්මේලනය මගින් බෞද්ධ උරුමයන් සහ සංස්කෘතිය පිළිබදව ලෝකය දැනුවත් කිරීම සංවිධායකයින්ගේ ප්‍රධාන අරමුණ වී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග මෙම සංචාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ,හිටපු විදේශ කටයුතු පිළිබද අමාත්‍ය සහ පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති තුමාගේ පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර යන මහත්වරුද සහාභාගී වේ.

http://talkstime.com/