counter stats
http://talkstime.com/

ආණ්ඩුව අක්කර 450ක් මාසෙට 8,000ක බද්දකට ඇලෝසියස්ලාට 2045 දක්වා දීලා

By - Thilina_admin
2017-10-23 14:25:25

කඳපොළ පිහිටි මහකුඩුගල වතුයාය පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් මහතාගේ පියා වූ ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් මහතාට රුපියල් 8,000ක මාසික බද්දකට වසර 2045 දක්වා ලබාදී තිබේ.

මෙම බදු ගිවිසුම අස්සන් තබා තිබෙන්නේ ජාතික ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු 2016 සැප්තැම්බර් මස 26 දිනය. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් රාජ්‍ය වතුයාය 1982 වසරේ මතුරට ප්ලාන්ටේෂන් ලිමිටඩ් (MATURATA PLANTATIONS LIMITED) සමාගමට 50 අවුරුදු කාල සීමාවකට බදු දී ඇති අතර එම සමාගමේ පාලනය යටතේ පැවැති මහකුඩුගල වතුයාය ජෙෆ්රි ඇලෝසියස් මහතාට මෙසේ අතුරු බද්දක් ලෙස ලබාදී ඇත. එවැනි බදු දීමේ බලයක් අදාළ වතු සමාගමට නැති බවද නීති අංශ පවසයි.

මෙම බදු ගිවිසුම අස්සන් තැබීම සඳහා ජෙෆ්රි ඇලෝසියස් මහතා අධ්‍යක්ෂ තනතුර දරන සෙරෙන්ඩිපිටි ප්ලාන්ටේෂන් (පෞද්ගලික) සමාගම SERENDIPITY PLANTATION (PRIVATE) LIMITED නමින් නව සමාගමක් ලියාපදිංචි කර ඇත. කඳපොළ පිහිටි මහකුඩුගල වතුයාය තේ අක්කර 450කින් යුක්තය. වෙන්ව පිහිටි බංගලා දෙකක්ද, සේවකයන්ගේ ගොඩනැඟිලි ගණනාවකින්ද, මාතෘ නිවාසයකින් හා වෛද්‍ය මධ්‍යස්ථානයකින්ද සමන්විතය. තේ වගාව හැරුණු විට අදාළ වතුයායේ ඇති වටිනා ගස් සංඛ්‍යාව 19,610ක් බව වාර්තා වේ.

බදු ගැනුම්කරු විසින් මතුරට වැවිලි සමාගමට ගෙවන රුපියල් 8,000 මාසික බද්ද හැරුණු විට මතුරට වැවිලි සමාගම මාසිකව රුපියල් ලක්ෂ 15 බැගින් බදු ගැනුම්කරු වෙත ගෙවීම මෙම බදු ගිවිසුමේ විශේෂත්වයකි. සේවක අර්ථසාධක මුදල් ගෙවීම පිණිස එම මුදල යෙදවිය යුතු බවද ගිවිසුමේ සඳහන් වේ.

ගාමිණී වැන්ඩකෝන්

http://talkstime.com/